පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමේ තීරණය ගනු ලැබුවේ වෘත්තීය සමිති ඇතුළු අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව අග්‍රාමාත්‍ය අචාර්යය හරිනි අමරසූරිය මෙනෙවිය පවසන්නීය.
වෙනස්කම් සිදුකිරීමේදී විවිධ අදහස් මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි.
කෙසේවෙතත් පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ කිසිදු කරුණු අධ්‍යයනයකින්
කිරීමකින් තොරව බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය පවසයි.
අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පැවසුවේ, ආණ්ඩුව එම තීරණය ගැනීමට හේතුවු කරුණු සම්බන්ධයෙන් අනාවරණය කළ යුතු බවය

