NEWS

පාසල් සිසුවෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

බණ්ඩාරගම පොලිස් වසමේ පානදුර – හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය අසලදී අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ වීමට ගිය යතුරුපැදියක් හොරණ දෙසට ධාවනය වූ බස් රථයක ගැටී මාරක අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ පැදිකරු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.  

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 17ක් වූ යටියන, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.

මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »