මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ සහය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් ජාති ආගම් හෝ දේශපාලන බේදයකින් තොරව සියළු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බවය.
පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන ආරම්භ කර වසර 150ක් සපිරීම නිමිත්තෙන් පෑලියගොඩ විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණණ ශාලාවේ අද (02) පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
මෙම උත්සවය සඳහා මහා සංඝරත්නය, වත්මන් රජයේ මැති ඇමතිවරුන් මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සර්ව ජනබලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයින් සහ විවිධ ක්ෂේත්‍රවල විශාල පිරරිසක් සහභාගී වී සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

