මේ වසරේ ගතවූ කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, එම කාලය තුළ නව සමාගම් 18,000ක් ලියාපදිංචි වී ඇති බවය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එකේවෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය මේ බව සඳහන් කළා

