වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සීසීටීවී කැමරා පනහක පමණ දර්ශන අධීක්ෂණය කරමින් මේවන විට විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කළේය.
වෙඩික්කරු සහ ඔහු පිටව ගිය යතුරුපැදිය පැදවූ තැනැත්තා අතරමගදී වෙන් වෙන්ව යතුරුපැදි දෙකක ගමන් කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඊයේ(22) උදෑසන එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කාර්යාල කාමරය තුළදීම නාඳුනන වෙඩික්කරුවකු විසින් වෙඩිතබා ඝාතනය කරනු ලැබීය.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන පොලිස් කණ්ඩායම් පවසන්නේ වෙඩික්කරුවන් ප්‍රහාරයෙන් අනතුරුව මාතර දෙසට ගමන්කර ඇති බවට තොරතුරු අනාවරණ වී බවය

