වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු, යතුරුපැදිකරු, වෙඩික්කරුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 6දෙනා පැය 72ක් රඳවාගෙන මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ප්‍රශ්න කරමින් සිටී.
එමෙන්ම වෙඩික්කරුට ප්‍රවාහන හා පහසුකම් සැපයූ සැකකරුවන් තිදෙනා අද මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා සිය කාර්යාලයේදී වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ සිද්ධියේ වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 9 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඒ අතරින් වෙඩික්කරු, යතුරුපැදිකරු, වෙඩික්කරුගේ බිරිඳ, කැකිරාවේදී සැඟව සිටීමට ආධාර අනුබල දුන් අයෙක් සහ බොරැල්ල සහස්පුරදී සහාය දුන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් 6දෙනෙක් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් පැය 72ක් රඳවාගෙන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කරමින් සිටී.

