NEWS

ශ්‍රී ලාංකික දිනය, ජාතික උත්සවයට මිලියන 300ක්

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන රජයේ ප්‍රතිපත්තිය තුළ මෙරට පුරවැසියන් අතර පරතරයක් ඇති නොවන සහ සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ වෙනුවෙන් ‘ශ්‍රී ලාංකික දිනය’ නමින් ජාතික උත්සවයක් පැවැත්වීමට යෝජනා කරන බවයි ජනපතිවරයා පවසන්නේ.

මේ උත්සවය සඳහා රටේ සියලු ජාති,ආගම්වල පිරිස ඒකරාශී කරගන්නා බවද පැවසුවා.

එම ‘ශ්‍රී ලාංකික දිනය’ පෞද්ගලික අංශයේද සහභාගීත්වයෙන් සංවිධානය කිරීමට අරමුණු කරන බවයි ජනපතිවරයා පෙන්වා දෙන්නේ.

මේ සඳහා මෙවර අය වැයෙන් රුපියල් මිලියන 300ක් වෙන් කිරීමට ‍යෝජනා කරන බවද ජනපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »