රුපියල් එක්කෝටි හතලිස්අට ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පින්තාරුකරුවෙකි.
මොහු අද (27) උදෑසන 09.25ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01ග්‍රෑම් 480ක ප්‍රමාණයක් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
එම මත්ද්‍රව්‍ය තොගය සොසේජස් කරල් ලෙස සකස් කර ඒ මත චොකලට් තවරා පැකැට් කර, ජනප්‍රිය චොකලට් වෙළද නාමයක් ද මුද්‍රණය කර ඇති බව සඳහන්.
මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සදහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

