නාවික හමුදාව හා පොලීසිය එක්ව පසුගිය ජූලි 16 සිට සිදුකළ මෙහෙයුම්වලින් වින්ච් යන්ත්‍ර හා ට්‍රැක්ටර් භාවිතය ඇතුළු නීතිවිරෝධි ක්‍රම යොදාගෙන ධීවර කටයුතු සිදුකළ ධීවරයින් 36 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
එහිදී ඩිංගි යාත්‍රා 17ක් සහ කැබ් රථයක්, ට්‍රැක්ටර් රථ දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ත්‍රිකුණාමලය සල්පෙආරු, තුඩුව, පරවි දූපත, සූඩයිකුඩා, අලම්පිල්, චිලාවත්තායි, යාපනය කඩ්ඩයිකාඩු කෙවිල්, කල්පිටිය ඉප්පන්තිව් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් සිදුකර ඇති බව සඳහන් වෙයි.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, කොඩ්බේ, මුතූර්, මුලතිව්, යාපනය, මන්නාරම සහ පුත්තලම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදී තිබේ.

