NEWS

අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම තහනම්

ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.නිවේදනයක් නිකුත් කරමින් ඒ බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් හපුතන්ත්‍රී ප්‍රකාශ කළා.

මෙම කාලය තුළ එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බව ඔහු පවසනවා.

ඇතැම් මණ්ඩලවලට මේ වන විටත් නව සභාපතිවරුන් පත්කර ඇති බවත්, ඉදිරියේදී සෙසු අධ්‍යක්ෂක මණ්ඩල සඳහා සුදුසු ප්‍රධානීන්, අමාත්‍යවරුන් විසින් පත් කිරීමට නියමිත බවත් එම නිවේදනයේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »