NEWS

අඛණ්ඩව තුන්වන වතාවටත් මහ බැංකුව පොලී අනුපාත නොවෙනස්ව තබා ගනු ඇතැයි අපේක්ෂා

ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සහ ඩොනල් ට්‍රම්ප් පරිපාලනය විසින් පනවන ලද තීරුබදුවලින් ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහ බැංකුව අඛණ්ඩව තුන්වන වතාවටත් පොලී අනුපාත නොවෙනස්ව තබා ගැනීමට අපේක්ෂා කරනු ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඉකුත් 2024 වසරේ දී පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා 5%ක සාධනීය වර්ධන වේගයකින් යුතු වූ මෙරට ආර්ථිකය, වසර තුනකට පෙර දරුණු කඩාවැටීමකට ලක් වූ මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් වුණා.

 රොයිටර් පුවත් සේවය විසින් අදාළ පුවත් සටහන සම්පාදනය කිරීමට මත්තෙන්, විශ්ලේෂකයින් සහ ආර්ථික විද්‍යාඥයින් දොළොස් දෙනෙකු මත විමසුමට ලක් කර ඇති අතර ඔවුන් ඒකමතිකව අපේක්ෂා කර ඇත්තේ හිතකර උද්ධමනය, ස්ථාවර වර්ධනය සහ එක්සත් ජනපද තීරුබදු ආතතීන් පිළිබඳ අවිනිශ්චිතතාවය මධ්‍යයේ මුදල් අධිකාරිය සිය ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගනු ඇති බවයි.

 එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ලොව පුරා රටවලට පනවන ලද තීරුබදු ප්‍රතිශත අනුව ශ්‍රී ලංකාවට 44%ක තීරුබදු පැනවූ අතර එය මෙරට අපනයනවලින් ඩොලර් බිලියන 3ක් පමණ බලපෑමට ලක් වීමට නියමිතයි. 

එම තත්ත්වය මෙරට ආර්ථික ප්‍රකෘතියට හානි දායක විය හැකියි. 

නමුත් පසුව එක්සත් ජනපදය මාස තුනකට එම තීරුබදු අත්හිටුවා ඇති අතර දෙපාර්ශ්වයේම නිලධාරීන් වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »