ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එම පද්ධතිය අද (22) දින සවස් කාලයේදී උතුරු තමිල්නාඩු සහ දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ ආසන්නයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බවය.
ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

