NEWS

අයවැය විවාදය අතරතුර කොට්ටහච්චි, නි. ඇමති චතුරංග එක්ක ටේබල් ටෙනිස් ගහලා

2025 අයවැය විවාදය අතරතුරදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා මෙවරත් වාර්ෂික ගෘහස්ත ක්‍රීඩා උත්සවයක් පවත්වා තිබෙනවා.

එහිදී පැවති මේස පන්දු තරගාවලියේදී කාන්තා ඉසව්වෙන් ජය වාර්තා කිරීමට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි සමත්ව ඇති අතර, ඇය සමග තරගකළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ලට අනුශූරතාවය හිමිව තිබෙනවා.

එමෙන්ම, යුගල මේස පන්දු තරගාවලියේ ජය වාර්තා කිරීමටද නිලන්ති කොට්ටහච්චි සහ නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ සමත්ව තිබෙනවා.

මෙහිදී, ත්‍යාග, කුසලාන සහ සහතිකපත් ප්‍රදානය අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා උත්සවය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මහලේකම් කුෂානි රෝහණධීර යන පිරිසගේ ප්‍රධානත්ත්වයෙන් සිදුකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »