කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට අයවැය විවාදය ආරම්භ වී තිබේ.
අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පස්වරවේ සිදුකිරීමට නියමිතව ඇත.
අද පස්වරු 6ට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය දෙසැම්බර් මස 5 දක්වා පැවැත්වෙනු ඇත.

