මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අද (10) පත් කර තිබෙනවා.
ඒ, 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 17 (1) වගන්තිය මඟින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි.
මීට පෙර කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරන ලද මහාධිකරණ විනිසුරු ඩබ්.කේ. ඩී. විජේරත්න පසුගිය ඔක්තෝබර් 07 වැනිදා අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පනතේ 25 (2) වගන්තිය ප්‍රකාරව අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ බලතල, කර්තව්‍යය ඉටු කිරීම සඳහා කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම්. ආර්. වයි.කේ.උඩවෙල (නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කරන තෙක් ) ඔක්තෙබර් 10 වැනිදා පත් කළා.
එදින සිට මේ දක්වා කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ උපදෙස් පරිදි ඇය විසින් නඩු ගොනු 62කට අදාළ අධි චෝදනා පත්‍ර සකස් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාළ කටයුතු සිදු කර තිබෙනවා.