NEWS

ඉදිරි දින කිහිපයේදී කෙටි විදුලි කප්පාදුවක්

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඊයේ (09) දින සිදුවූ බිඳ වැටීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුලදී කෙටි විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

අදාල විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මේ වනවිට බලශක්ති අමාත්‍යාංශය විසින් නිල දැනුම්දීමක් කර නොමැති අතර, අදාල බිඳවැටීම යථා තත්ත්වයට පත් කර ගැනීමට සතියක පමණ කාලයක් ගතවනු ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර, විදුලිය විසන්ධි කිරීමේ තීරණයකට පැමිණියහොත් එය දිනකට විනාඩි 15ක් හෝ විනාඩි 20ක කාලයක් ගනු ඇති බවත් වාර්තා වෙනවා.

උද්ගතව ඇති තත්ත්වය හේතුකොට ගෙන විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද ඉහළින් උපදෙස් ලැබී ඇති බවත් එම ආරංචි මාර්ග පවසනවා.

කෙසේ නමුත්, වෙස්ට් කෝස්ට් බලාගාරයෙන් ඊයේ දිනයේදී හදිසි විදුලිය ලබා ගැනීමක් සිදුකර ඇති බවද අදාල ආරංචි මාර්ග හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »