NEWS

කඩුගන්නාවෙන් පස් කන්දක් නායෑමේ අලුත්ම තත්ත්වය

අධික වර්ෂාවත් සමග අද (22) පෙරවරුවේ මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කඳු කඩා වැටීමක් සිදුව තිබේ.

මෙම අනතුරින් එම වෙළඳසැලෙහි සිටි තිදෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.

එමෙන්ම තවත් කිහිප දෙනෙකු සුන්බුන් තුළ සිරවී සිටින බවට වාර්තා වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් මුදාගැනීම සඳහා මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවය.

අප වාර්තාකරු පැවසුවේ ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙළඳසැලක් මතට මෙම පස් කඳු කඩා වැටීම සිදුව ඇති බවය.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයද එක් මංතීරුවකට සීමාකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »