හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩුව, විභාගය සඳහා නොවැම්බර් 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.
ඒ එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවූ අවස්ථාවේ.
ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිය පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු රුපියල් 240,000 (දෙලක්ෂ හතළිස් දහසක) ට ආසන්න මුදලක් රාජ්‍යය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදලෙන් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.