ගංවතුර තත්ත්වය හේතුවෙන් වසා තිබූ A-9 මාර්ගයේ යළි විවෘත කර තිබෙනවා.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඕමන්ත පොලිස් වසමේ නොච්චිමොටේ පාලම අසලින් හා ඕමන්ත නගරය ආසන්නයේ මාර්ගය ජලයෙන් සම්පූර්ණයෙන් යටවී තිබුණා.
එමෙන්ම මේ වනවිට එම ප්‍රදේශයේ ජලය බැසගොස් ඇති බවයි පොලිස් කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ.
ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්ව ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

