ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයන් 04 දෙනෙකු බ්ලුමැන්ඩල්, මට්ටක්කුළිය සහ කොහුවල ප්‍රදේශවලදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් වැල්ලවත්ත, බොරැල්ල සහ කළුබෝවිල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 17ත් 29ත් අතර වයස්වල පසුවන්නන්.
මොවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්නකිරීම්වලදී දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් මෙන්ම මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් දෙදෙනෙකු සැකකරුවන් මෙහෙයවා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඝාතනය සඳහා තුවක්කුකරුවන් පැමිණි යතුරුපැදිය ද හොරණ ප්‍රදේශයේ දමාගොස් තිබියදී පසුගියදා සොයා ගත් අතර එය තොටළඟ ප්‍රදේශයෙන් සොරාගත් එකක් බවට ද හෙළි වුණා.
පසුගිය 07 වැනිදා අලුයම ගල්කිස්ස පොලිස් වසමේ වටරප්පල පාර ප්‍රදේශයේ නිවසක සිටි සුගත් ගෝමස් සහ සඳුන් පීරිස් යන දෙදෙනා යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණා.

