NEWS

ගාලු කොටුවේ පැරණි දොරටුව අද සිට දින 04ක් වැසේ

ගාලු‍ කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්‍රිතව සිදුකරන සංරක්ෂණ කටයුත්තක් හේතුවෙන් අද සිට ලබන 31 වනදා දක්වා එය තාවකාලිකව වසා තැබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය සදහන් කළේ, පැරණි දොරකඩ ආශ්‍රිතව රසායනික සංරක්ෂණ කටයුත්තක් සිදුකරන බවයි.

ඒ අනුව අද සිට ලබන 31 වනදා දක්වා ගාලු‍ කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටු දොරකඩ ඔස්සේ පමණක් සිදු කෙරෙනු ඇති.

මේ අතර ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආරක්ෂණය වැඩි කිරීම සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය රුපියල් බිලියන 2. 4ක ආධාරයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »