වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන බවට පාරිභෝගිකයින් කළ පැමිණිලි මත ගාලුමුවදොර පිහිටි ජංගම වෙළඳසැල් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ඊයේ වටලනු ලැබුවා.
එහිදී වැඩි මිලට පානිය ජල බෝතල් සහ පැණි බීම බෝතල් අලෙවි කළ වෙළඳසැල් වෙත නඩු පැවරීමටයි පියවර ගනු ලැබුවේ.
එමෙන්ම ආහාර වල මිල ප්‍රදර්ශනය නොකළ වෙළඳසැල් වලට ද නඩු පවරා තිබෙනවා.