පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීම වෙනුවෙන් ජනතාව ප්‍රතික්ෂේප කළ පක්ෂ සමග සන්ධානගත නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵල පිළිබද පැහැදිලි කිරීමට අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ස්වාධීන කණ්ඩායම්වලින් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට කැමති නම් ජාතික ජන බලවේගය සමග එක්ව කටයුතු කළ හැකි බවයි.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවට අමාත්‍ය බිමල් රත්නායක ද එක් වූ අතර, මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදි ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහිදී පැහැදැලි කළා.