NEWS

ජපානයේ රැකියා අවස්ථා රැසක් ගන්න ඇමති විජිත හේරත් විශේෂ සාකච්ඡාවක

ජපානයේ පවතින රැකියා අවස්ථා ශ්‍රි ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබෙනවා.

ඊට ජපාන ජාත්‍යත්නර මිනිස් බල සංවිධානය වන IM Japan ආයතනයේ සභාපති කනමොරි හිතොෂි (Mr. Kanamori Hitoshi) ඇතුළු නියෝජිතයින් එක්ව සිටි බව සඳහන්.

එහිදී අමාත්‍ය විජිත හේරත් ඉල්ලා සිටියේ, ජපානයේ පවතින රැකියා අවස්ථා සඳහා සුදුසුකම්ලත් ශ්‍රමිකයින් බඳවාගැනීම වැඩි කරන ලෙසයි.

ඉදිරියේ දී විශේෂයෙන් ජපානය ඇතුළු රටවල රැකියා සඳහා මෙරට ශ්‍රම බලකාය පුහුණු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ හා රාජ්‍ය වෘත්තිය පුහුණු ආයතනවල සහාය ලබාගැනීම වඩාත් කාර්යක්ෂම කරන අතර, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සමග ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සක්‍රිය දායකත්වයක් ලබාදෙන බව ද විජිත හේරත් IM Japan ආයතනයේ නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කර සිටියා.

ජපානයේ රැකියා සඳහා බඳවාගන්නා වැඩපිලිවෙල යටතේ TITP, SSW කාණ්ඩවලට අයත් සාත්තුසේවක හා ඉදිකිරීම් රැකියා අවස්ථා රැසක් පවතින බවත්, ඒ සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක් සලසා දෙන බවත් එහිදී IM Japan ආයතනයේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටි බව සඳහන්.

ඉදිරියේ දී රියදුරු ඇතුළු තවත් ක්‍ෂේත්‍ර රැසක රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් විවෘත කිරීමට කටයුතු කරන බවයි ඔහු පවසා සිටියේ.

නිපුණතාවයෙන් සපිරි ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් බිහිකිරීමට ශ්‍රි ලංකා රජය ගන්නා උත්සහාය ඔහු මෙහිදී අගයකර සිටියා.

ශ්‍රි ලාංකික විශ්ව විද්‍යාල සිසුන් සඳහා ජපානයේ TITP ඛාණ්ඩය යටතේ පුහුණු අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාකර තිබෙනවා.

මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ ලේකම් අරුණි රණරාජා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, අමාත්‍ය තුමාගේ සම්බන්ධීකරණ ලේකම් චමින්ද ජයනාත්, IM Japan ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක මසනොබු කොමියා (Mr. Masanobu Komiya) එහි කොළඹ කාර්යාලයේ සාමාන්‍යාධිකාරී හිඩෙටි තමුරා (Mr. Hideti Thamura) ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »