NEWS

ජලාශ 57ක් තවමත් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73න් 57ක් ම මේවන විට වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එච්.එන්.පී හේරත් පවසනවා.

ඔහු කියා සිටියේ මීට අමතරව තවත් මධ්‍ය ප්‍රමාණයේ ජලාශ 50ක් පමණ මේ වනවිටත් වාන් දමන බවයි.

මේ අතර, ඌව පළාතේත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල අද (23) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »