ශ්‍රී ලංකාව ජල මූලාශ්‍රයන්ගෙන් සහ ජල ප්‍රවාහයන්ගෙන් පෝෂිත දූපත් රටක් වන බැවින්, සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා මෙන්ම නාගරික මගී ප්‍රවාහනය සඳහා ද එකී ජල මූලාශ්‍ර හා ජල ප්‍රවාහ ඵලදායීව යොදා ගැනීමට හැකියාව පවතින බැවින්, මෙරට මුහුදු තීරය මෙන්ම රට අභ්‍යන්තරයේ පවතින ජල ප්‍රවාහයන් භාවිතකරමින් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව, පුත්තලම – කොටුව,කොටුව – ගාල්ල, ගාල්ල – මාතර ආදී වශයෙන් සමුද්‍ර ජල ප්‍රවාහන සේවාවක් ඇති කිරීම සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇති කිරීම මඟින් සංචාරක ප්‍රවර්ධනය සහ මගී ප්‍රවාහනය සඳහා පහසුකම් සැලසීමට අපේක්ෂා කෙරෙන බවයි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ.
අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
හැමිල්ටන් ඇළ, බේරේ වැව, දියවන්නා ඔය හා මාදු ගඟ වැනි විභවයන් භාවිත කරමින් අභ්‍යන්තර ජල ප්‍රවාහන පහසුකම් සැපයීම මඟින් ද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂිත අතර ඒ අනුව, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමටත්, එහි ප්‍රතිඵල මත පදනම්ව රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ වැඩසටහනක් ලෙස යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා දිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමතකර තිබෙනවා.