NEWS

ජීවිත ආරක්ෂාවට ගිනි අවියක් පමණක් ලබා දීමට තීරණයක්

ජීවිත ආරක්ෂාව වෙනුවෙන් උපරිමය එකකට යටත්ව ගිනි අවි නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ජීවිත ආරක්ෂාව සදහා සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතොරොම් භාරදීම සදහා පසුගිය මස 21 වනදා තෙක් අවසර ලබා දීමටයි එම අමාත්‍යාංශය කටයුතු කර තිබුණේ.

ගිනි අවි භාර දීම සම්බන්ධයෙන් අභියාචනා නොකළ සහ නියමිත දිනට භාර නොදෙන ගිනි අවි නීතිවිරෝධී ගිනි අවි ලෙස සලකා කටයුතු කරන බව ද ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »