නුවර මාතලේ ඒ 9 මාර්ගයේ මාතලේ බලකඩුව කන්ද ප්‍රදේශයේදී ටිපර් රථයක් අද (21) අලුයම බලකඩු ඔයට පෙරලීමෙන් රියදුරා තුවාල ලබා මාතලේ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙම ස්ථානය අඩි හැටක් පමණ ප්‍රපාතයක් සහිත බෑවුම් ප්‍රදේශයක් බවටයි වාර්තා වෙන්නේ.
රියදුරා පොළොන්නරුව ප්‍රදේශයේ සිට නුවර කටුගස්තොට ප්‍රදේශයට වැලි ප්‍රවාහනය කරමින් සිට ඇති අතර, පොලිසිය සැක කරන්නේ රියැදුරාට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.