NEWS

තාවකාලික අංක තහඩු භාවිතා කිරීම දෙසැම්බර් 15න් පසු අවසන්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළව පැවැති ගැටලුකාරි තත්ත්වය අවසන් කර ඇති අතර නැවත නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.

වාහන අංක තහඩුවක් ලබා ගැනීම සඳහා ඔබ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත මුදල් ගෙවා මෙතෙක් එය ලබා නොගෙන ඇත්නම්, ඔබේ අංක තහඩුව 2024 දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර ලබා ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලීම් කර ඇත්තේ.

2024 දෙසැම්බර් 15න් පසු රථ වාහන සඳහා තාවකාලික අංක තහඩු භාවිතා කරමින් මාර්ගය තුළ ධාවනය කිරීම කළ නොහැකි වන අතර එලෙස තාවකාලික අංක තහඩු භාවිතා කරමින් ධාවනය වන රථ වාහන සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් නීතිමය ක්‍රියා මාර්ග ගනු ඇති.

එසේම මෙතෙක් ඔබට නිකුත් කර තිබූ තාවකාලික අංක තහඩු සමඟ ධාවනයට ලබාදී තිබූ අවසර පත්‍රය 2024 දෙසැම්බර් 15 දිනෙන් අවලංගු වන බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »