දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අනිද්දා පෙරවරු 10 ට පළමු සභා වාරය ආරම්භ වීමට නියමිතයි.
එහිදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරවරු 11.30 ට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරනු ඇති.
කෙසේ වෙතත්, දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට උපදෙස් ලැබී ඇති බවයි පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

