NEWS

දැඩි ආරක්ෂාවක් මැද හරක් කටා අදත් උසාවි එයි

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන අයට විරුද්ධව මාතර මහාධිකරණයේ විභාග වන නඩුවට පෙනි සිටිම සඳහා රැදවුම් නියෝග මත රඳවා සිටින ඔහු අද (23) දිනයේ දැඩි ආරක්ෂාව යටතේ අධිකරණ සංකීරණයට රැගෙන ආවේය.

2018 වර්ෂයේදි වැලිගම පොලිස් වසමේ දී මනුෂ ඝාතනයක් සිදුකිරීමට තැත්කිරිමේ චෝදනාව මත මෙම නඩුව මාතර මහාධිකරණයේ විභාග වන අතර, මාතර මහාධිකරණ විනිසුරු එම්.ආර්.අමරසිංහ මහතා ඉදිරියේදී නඩුව විභාගයට ගැණිනු.

සාක්ෂි විමසීමෙන් අනතුරුව ජූනි මස 02 වන දින දක්වා කල්තැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »