කළුතර – දොඩංගොඩ ප්‍රදේශයේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගේ නිවසකට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
නාදුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති අතර, ඉන් නිවෙසේ කිසිවෙකුටත් හානි සිදුව නැහැ.
මූලික පොලිස් විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ, වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා අදාළ විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ බාල පුත්‍රයාගේ නම සඳහන් කරමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
එමෙන්ම මෙම විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ බාල පුත්‍රයා මේ වන විට විදේශ ගතව සිටින බවටයි වාර්තා සඳහන් කරන්නේ.
වෙඩි තැබීමෙන් නිවසේ ජනෙල් කිහිපයකට ද හානි සිදුව තිබෙනවා.