NEWS

නාමල්ගේ ක්‍රිෂ් නඩුව නැවත කැඳවන්න දිනදෙයි

ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. 

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ කැඳවනු ලැබුවා. 

එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වැනිදා කැඳවන බවයි. 

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද අධිකරණයේ පෙනී සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »