ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් පැමිණිම හේතුවෙන් උන්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති සාන්ත පීතර බැසිලිකාව රාත්‍රිය පුරාම විවෘත කර තැබීමට කටයුතු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ශුද්ධෝත්තම පියාණන් වෙත ගෞරව කිරීම සඳහා එක්වූ පෝලිම දිගුව පැය 8කට ආසන්න කාලයක් බවයි.
ශුද්ධෝත්තම පියාණන්ගේ ස්වර්ගස්ථවීම හේතුවෙන් වතිකානයේ දින 9ක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත්කර ඇති අතර උන්වහන්සේගේ අවමංගල්‍ය දිව්‍ය පූජාව සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ අතර පාප්වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් මෙරට වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ රදගුරු තුමන්ලාගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන දිව්‍ය පූජාව කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී එළඹෙන සෙනසුරාදා සවස 6 ට පැවැත්වීමට නියමිතයි.