NEWS

පාරිභෝගිකයින්ගේ සුරක්ෂිත තැන්පතුවලට අදාළ පොලිය ලබාදෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විදුලිබල මණ්ඩලයට නියෝග

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය සැපයුම් ලබා දීමේදී පාරිභෝගිකයින්ගෙන් ලබාගෙන ඇති සුරක්ෂිත තැන්පතු මුදල් සදහා ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල් ඔවුන් වෙත ගෙවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කළා.

ඒ. එස්. තුරෙයිරාජා, සෝභිත රාජකරුණා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකගේ නියෝගයකට අනුවයිලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය වසරේ ජනවාරි 30වනදා තම අධිකරණයට ඉදිරිපත් කර ඇති මෝසම් පත්‍රයේ සදහන් ආකාරයට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවනු ලබන සියයට 11.67 ක වාර්ෂික පොලිය ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ට මෙන්ම අනෙකුත් විදුලි පාරිභෝගිකයින්ට ද ගෙවිය යුතු බවටයි එහිදී වැඩිදුරටත් නියෝග කෙරුණේ.

ලංකා විදුලි බල මණ්ඩල පනතේ 28 / 3 පනත ප්‍රකාරව ලබා ගෙන ඇති වාර්ෂික පොලී මුදල පාරිභෝගිකයින්ට ගෙවන ලෙසට ඉල්ලා, විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති පාරිභෝගිකයින්ගේ සංගමයේ සභාපති මහේෂ බණ්ඩාර ඉලංගසිංහ සහ ලේකම් ප්‍රසාත් භාතිය අමරකෝන් යන අය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැදවූ අවස්ථාවේදීයි ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත්කරනු ලැබුවා.

විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහජන උපයෝගිතා කොමිෂන් සභාව හා නීතිපතිවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »