NEWS

පාසල් ළමුන් රැගත් වෑන් රථයක් බිහිසුණු අනතුරකට ලක් වෙයි

කුරුවිට පොලිස් වසමේ අඩවිකන්ද ප්‍රදේශයේදී එරත්ත දෙස සිට අඩවිකන්ද දෙසට ගමන්ගත් වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව අසළ තිබූ ගසක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ අවුරුදු 11 ත් 14 ත් අතර වයස්වල පසුවන පාසල් ළමුන් 14 ක් හා කාන්තාවක් ගමන් කර ඇති අතර තුවාල ලැබූ පාසල් ළමුන් 14 දෙනා සහ වෑන් රථයේ රියදුරු ප්‍රථිකාර සඳහා එරත්ත ග්‍රාමීය රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

රෝහල්ගත කළ පාසල් ළමුන් 10 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර පිරිමි ළමුන් දෙදෙනෙකු, ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ වෑන් රථයේ රියදුරු වැඩිදුර ප්‍රථිකාර සඳහා රත්නපුර රෝහලට මාරු කර යවා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »