ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ බස් රථ සම්බන්ධයෙන් ක්‍රියාත්මක ඇතැම් ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් අද මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරීමට සැළසුම්කර තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
ඒ මගී ආරක්ෂාවට තර්ජනය වන අයුරින් බස් රථවල සවිකර ඇති අනවශ්‍ය කොටස් ඉවත් කීරීමට ලබාදුන් සහන කාලය මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට එකගතාව පළ වීම හේතුවෙන්.
බස් සංගම් ප්‍රධානින් සහ පොලිස්පතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී මූලික කාරණා කිහිපයකට දෙපාර්ශවය එකග වූ බව ලංකා බස් ගිමියනගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
පොලීසිය පැත්තෙන් සාධනීය විසදුමක් ලැබුනු නිසා වර්ජනය අත හරින බවද ඔහු සදහන් කළා.
බරපතල ගැටලුවක්ව පවතින, බස්රථ තරගයට ධාවනය කිරීම අවම කිරීම සදහා ඒකාබද්ධ කාල සටහනක් මාස තුනක් ඇතුලත සකස් කරන බවට ද මෙහිදි රජයේ පාර්ශවය එකග වූ බවයි ඔහු පවසන්නේ.
මෙම සාකච්ඡාවේදී පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයාව දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් බස් හිමියන්ගේ ගැටලු නිරාකරණය කර ඇති බවද වාර්තා වෙනවා.
බස්රථවල අමත සැරසිලි උපාංග ගැලවීමට මාස තුනක සහන කාලයක් ලබා දීම, බස්රථ ස්ටිකර් නොගැලවීම, ධාවනය වෙන අවස්ථාවේ මගීන් සමග මහමග බස්රථ නතර කිරිම සීමා කිරීමටත් එලෙසම එම අවස්ථා මාධ්‍යට දමා බස්රථ කර්මාන්තයට හා මගීන්ට අපහසුවක් ඇති නොවන පරිදි ක්‍රියා කරීම නතර කිරීමටත්, පොලිසිය එකගවූ බව ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් අනතුරුවලට අතවනන බස්රථවල මෙම අනවශ්‍ය සැරසිලි උපාංග ඉහත මාස තුන ඇතළත බස් හිමියන් ගලවා දැමිය යුතු බවත්, එසේ නොවුණහොත් පොලිසිය විසින් ඊට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන්න බවත් මෙහිදී බස් හිමියන් වෙත වැඩ බලන පොලිස්පතිවරයා පවසා තිබෙනවා.
වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ බස්රථවල වැරදි සෙවීම සදහා ආරම්භ කර ඇති පොලිස් මෙහෙයුම් ද නතර නොකරන බවයි.
මෙම සාකච්ඡාව සඳහා ජාතික ගමනා ගමන කොමිසමේ ප්‍රධානීන් ,පළාත් ප්‍රවාහන බලධාරීන් ඇතුළු බස්රථ සේවක සංගම් ප්‍රධානීන් සහභාගි වී තිබෙනවා.