NEWS

බහාලුම් රථ තදබදය තවදුරටත්

බහාලුම් රථ 1100ක් තවදුරටත් වරායේ සහ රේගුවේ සිරව පවතින බව බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සනත් මංජුල කියා සිටියේ, මීට අමතරව සී.අයි.සී.ටී අංගනයේ ආනයනික භාණ්ඩ සහිත තවත් බහාලුම් 4000ක් පමණ පවතින බවයි.

ශ්‍රී ලංකා රේගුවට අයත් ඔරුගොඩවත්ත බහාලු‍ම් නිෂ්කාසන අංගනය ඉදිරිපිට මේ වන විටත් රියදුරන් දිගු පෝලිම්වල අපහසුතාවට පත්ව සිටිනවා.

ඔවුන් සදහන් කළේ, රේගුව පැවසූ පරිදි කඩිනමින් නිෂ්කාශන කටයුතු සිදු නොවන බවයි.

කෙසේ වෙතත්, බහාලුම් නිෂ්කාසන ප්‍රමාදය පාලනය කිරීම රේගුවට පමණක් සිදුකළ නොහැකි බව ආනයන අපනයන නියෝජිතවරුන්ගේ සභාපති හුවයිස් සම්සුඩීන් කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියා.

මේ අතර, බහාලුම් රථ තදබදය මගහරවා ගැනීමට තවදින 10ක් පමණ ගතවන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ ප්‍රකාශ කළා.

එමෙන්ම, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු ඊයේ පස්වරුවේ ඔරුගොඩවත්තේ පිහිටි ආර්.ටී.සී. අංගනය නිරීක්ෂණය කිරීමට පැමිණියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »