NEWS

බහින්බස්වීම දුරදිග ගොස් අර්චුනාට සහ පුද්ගලයෙකුට තුවාල

යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා.

අප මේ සම්බන්ධයෙන් යාපනය පොලිසියෙන් කළ විමසීමක දී සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් මෙම ගැටුම සිදුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ඔහුට පහරදුන් බව පවසමින් පොලිසියට පැමිණිලක් ඉදිරිපත් කර ඇති බවයි.

මෙම ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා සඳහන් කළේ, තමන්ට පහරදීමට පැමිණි නිසා තමන්ද පහර දුන් බවයි.

කෙසේවෙතත් මේවන විට දෙපාර්ශවයෙන් ලද පැමිණිලි මත විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »