NEWS

බීමතින් විභාග මධ්‍යස්ථානයේ රාජකාරී සිදුකළ කොස්තාපල් අත්අඩංගුවට

අ.පො.ස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් වූ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ආරක්ෂාවට යොදවා සිටියදී බීමතින් කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් සැරයන්වරයෙකුට පහරදී තුවාල සිදුකළ කොස්තාපල්වරයෙකු ඇඹිලිපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි කොස්තාපල්වරයෙක්.

ඉහත විභාග මධ්‍යස්ථානයේ ආරක්‍ෂාවට පොලිස් සැරයන්වරයකු, කොස්තාපල්වරුන් දෙදෙනෙකු අනුයුක්ත කර ඇති අතර ඊයේ (09) පස්වරුවේ මෙම සිද්ධිය සිදුව තිබෙනවා.

ඇඹිලිපිටිය පොලිසියට සිද්ධිය වාර්තා වීමත් සමඟම සැකකාර කොස්තාපල්, අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේදී සැකකරු බීමතින් සිටි බවට තහවුරු වී තිබෙනවා.

බීමතින් රාජකාරියේ යෙදී සිටීම, කලාකාරී ලෙස හැසිරීම සහ පොලිස් සැරයන්වරයෙකුට පහරදී තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ සැකකාර කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »