මියන්මාර සරණාගතයින් 103 දෙනෙකු රැගත් බෝට්ටුවක් මුලතිව්හි මුල්ලිවයික්කාල් ප්‍රදේශයට ගොඩබස්වා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
මියන්මාරයේ සිට සරණාගතයින් ලෙස නීතිවිරෝධීව වෙනත් රටකට යමින් සිටියදී එම බහුදින යාත්‍රාව එලෙස මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.
අදාළ ධීවර යාත්‍රාවේ ගමන්ගත් පිරිස සඳහා ප්‍රමාණවත් ආහාර හා ජලය නොමැති වීම හේතුවෙන් යාත්‍රාව මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව අප වාර්තාකරු පැවසුවා.