NEWS

මෝටර් රථයක් කැරපන් ඇළට පෙරළෙයි

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පානදුර – කර්මාන්ත පුර මාර්ගයේ දී මෝටර් රථයක් ලිස්සා ගොස් කැරපන් ඇළට පෙරළී අනතුරක් සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එහි දෙදෙනකු ගමන්කර ඇති අතර, කිසිවෙකුටත් හානි සිදුව නොමැත.

ප්‍රදේශවාසීන් එක්ව කඹ ආධාරයෙන් මෝටර් රථය ගොඩගනු ලැබීය.

ඉදිරියෙන් වාහනයක් පැමිනීමේදී මෝටර් රථ රියදුරු තිරිංග තදකර ඇති බවත්, වැස්ස හේතුවෙන් මාර්ගය ලිස්සන ස්වභාවයක් ගෙන තිබූ බැවින්, මෝටර් රථය ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් කැරපන් ඇළට පෙරළී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »