NEWS

රුපියල් කෝටි තුනකට අධික මූල්‍ය වංචාවක් – දෙදෙනෙකු අත්අඩංගුවට

රපියල් කෝටි තුනකට අධික මුදල් වංචා කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් පුද්ගලික ආයතනයකට වයිෆයි (WI-FI) ඇන්ටනා ලබාදෙන බවට පවසා පොරොන්දු වූ පරිදි භාණ්ඩ ලබා නොදී රුපියල් තුන්කෝටි හැටනව ලක්ෂ අසූනවදාස් හයසිය අසූහතරක (රුපියල් 36,989,684/=) මුදලක්  මෙලෙස වංචා කර ඇති බව සඳහන්ය.

ඒ අනුව, ඊයේ (24) මෙම සැකකරුවන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 34 හා 37 වයස්වල පසුවන මට්ටක්කුලිය හා වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »