NEWS

වාහන තුනක් එකිනෙක ගැටෙයි‍

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කිතුල්කොටේ ප්‍රදේශයේ දී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් අද (17) පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ.

බස් රථයක්, වෑන් රථයක් සහ මෝටර් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.

අනතුරින් කිසිවෙකුටත් බරපතළ හානියක් සිදු වී නොමැති අතර රථ වාහනවලට දැඩි හානි සිදු වී ඇත.

අනතුර සම්බන්ධයෙන් තණමල්විල පොලිස් මූලස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »