NEWS

වෑන් රථයක් නවතා තිබූ කන්ටේනර් රථයක ගැටී බිහිසුණු අනතුරක්

මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් දක්ෂිණ අධිවෙගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නයේදි මාර්ගය අයිනේ නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටිමෙන් අද (08) උදැසන සිදුවූ අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. 

මෙම වෑන් රථයේ ගමන් කළ පිරිස කටුනායක ගුවන්තොටුපලට ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් බවත්, ඔවුන් මාතර මුලටියන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, පොලිසය පවසනවා. 

අනතුරෙන් තුවාල ලැබූ තුවාලකරුවන් ගිලන් රථ උපයෝගි කරගනිමින් ප්‍රදේශවාසින් හා පොලිසිය එක්ව ⁣කඩිනමින් රෝහල්ගත කිරිමට පියවර ගෙන තිබුණා. 

අනතුර සම්බන්ධයෙන් මාලිම්බඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »