NEWS

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලයට කැබිනට් අනුමැතිය

දිනකට ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීම සඳහා ආගමන – විගමන දෙපාර්තුමේන්තුවේ සේවා පැය 24 පුරා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අතිරේක කාර්ය මණ්ඩල අනුයුක්ත කර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

විදේශ ගමන් බලපත්‍ර හිඟය මගහරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ නිර්දේශය අනුව “පී” කාණ්ඩයේ විපය රහිත හිස් විදේශ ගමන් බලපත්‍ර 1,100,000ක් වත්මන් සැපයුම්කරු වෙතින් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුවයි, මේ වන විට පවත්නා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය ඉවත් කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීම මගින් දිනකට ගමන් බලපත්‍ර 4,000ක් බැගින් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සැලසුම් කර ඇත්තේ.

ඒ සඳහා අවශ්‍ය අතිරේක කාර්ය මණ්ඩලය, එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ඇති නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීම මගින් සහ දැනට රජයේ සේවයේ නිරත නිලධාරින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විමසමින් අනුයුක්ත කර ගැනීම මඟින් සලසා ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »