NEWS

සහතික මිල නියම කළ වහාම වී මිලදී ගන්නා බව වී අලෙවි මණ්ඩලය කියයි

රජය විසින් සහතික මිලක් නියම කළ වහාම වී මිලදී ගැනීම ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

ඒ අනුව, වී ගබඩා පිළිසකර කිරීමේ කටයුතු ආරක්ෂක අංශ සහයෝගයෙන් හෙට දිනයේ සිට ආරම්භ කරන බවයි එහි සභාපති මංජුල පින්නලන්ත කියා සිටියේ.

වී මිලදී ගැනීම සම්බන්ධයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »