NEWS

සූර්යවංශීලා දණ ගැස්සූ පාකිස්තාන ෂහීන්ස්ලා

‘ආසියානු කුසලාන නැගීඑන තරු’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවති තරගයකින් පාකිස්තාන ෂහීන්ස් (පාකිස්තාන A) හමුවේ කඩුලු 8ක පරාජයක් ලැබීමට ඉන්දීය A කණ්ඩායමට සිදුවිය.

මෙහි පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 19කදී සියලු දෙනා දැවී ලකුණු 136ක් රැස්කළේය.

වයිභව් සූර්යවංශී පන්දු 28කින් ලකුණු 45ක් හා නමන් ධීර් පන්දු 20කින් ලකුණු 35ක් රැස්කළත් සෙසු පිතිකරුවන්ට සාර්ථකවීමට පාකිස්තානයෙන් අවස්ථාවක් නොලැබුණි

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන ෂහීන්ස් පන්දුවාර 13.2කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 137ක් රැස්කළ ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »