NEWS

හන්තානයේ අතරමං වූ සිසුන් පිරිසක් යුද හමුදාවෙන් බේරාගැනේ

කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් විනෝද චාරිකාවක නිරත වෙමින් සිටියදී හන්තාන කන්ද නැරඹිමට ගොස් අතරමංවී ඇති අතර, එම පිරිස නිරුපද්‍රිතව මුදවා ගැනීමට යුද හමුදා භට පිරිස් සමත්ව තිබෙනවා.

වයස අවුරුදු 16ත් 17 අතර, පසුවන මෙම පිරිස නුවර ප්‍රදේශයට පැමිණ හන්තාන කන්ද නැරඹීම සඳහා එය තරණය කර තිබුණා.

එහිදී කන්දේ අනාරක‍‍්ෂිත ප්‍රදේශයක් නැරඹිමට ගොස් එක් අයෙකුගේ කකුලේ ඇති වූ මස්පිඩු පෙරලීමක් සිදුවීම හා පැවති මීදුම හේතුවෙන් මාර්ගය සොයා ගැනීමට අපහසුවී නැවත පැමිණීමට නොහැකිව අතරමංවී තිබෙනවා.

මේ පිළිබඳව යුද්ධ හමුදාවේ භට පිරිස් වෙත සැලවීමෙන් පසුවයි එම පිරිස ආරක‍්ෂිතව මුදවා ගැනීමට 111 බලසේනා මුලස්ථානය හා 2 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් මෙහෙයුමක් අරඹා ඇත්තේ.

ඒ අනුව, රාත්‍රි 08ට පමණ මෙම සිසුන් මුදවා ගැනීම ආරම්භ කර ඇති අතර, අලුයම් කාලය වන විට එම සිසු පිරිස ආරක්‍ෂිතව පහළට රැගෙන ඒමට යුද හමුදා භට පිරිස් කටයුතු කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »