NEWS

හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් මැකෝට ලියුමක්

තම නාමය සහ ජායාරූප අනවසරයෙන් භාවිතා කරමින් කෙරෙන මැතිවරණ ප්‍රචාරණය නවතා දමන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

එම ලිපිය මගින් හිටපු ජනපතිනිය සඳහන් කර ඇත්තේ, අත්තනගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ‘පුටුව ලකුණින්’ මැතිවරණයට ඉදිරිපත් වන පොදුජන එක්සත් පෙරමුණෙහි යම් අපේක්ෂකයින් ප්‍රදේශය පුරා ඇයගේ ඡායාරූප සහිත අත් පත්‍රිකාවක් මෙන්ම පෝස්ටර්ද අලවා ඇති බවට තමන්ට දැනගැනීමට හැකිවූ බවයි.

එමෙන්ම, මෙවැනි පත්‍රිකාවක් බෙදා හැරීමට හෝ පෝස්ටර් මුද්‍රණයට කිසිඳු අවසරයක් ලබාදී නොමැති බව සඳහන් කරන හිටපු ජනාධිපතිනිය, ඇගේ නම හෝ ඡායාරුපය කිසිදු ශ්‍රව්‍ය/දෘශ්‍ය ප්‍රචාරණ කටයුත්තකට භාවිතා නොකරන ලෙසද පුටුව ලකුණින් අත්තනගල්ල සහ අනෙකුත් ප්‍රදේශවල තරඟ කරන අපේක්ෂකයින්ට සහ සංවිධායකයින් දැනුම්වත් කර තිබූ බවයි එම ලිපියේ සඳහන් කර ඇත්තේ.

ඒ අනුව, එම කටයුත්ත වහාම නවතන ලෙසට කඩිනමින් පොදුජන එක්සත් පෙරමුණේ අදාළ ප්‍රධානීන්ට දැනුම්දෙන ලෙස මෙන්ම අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසත් හිටපු ජනපතිනිය මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

එම ලිපිය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »